නීති විරෝධීව මසුන් ඇල්ලූ 14ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 29 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේ සහ උප්පාරු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ධීවර කටයුතු සඳහා තහනම් කරන ලද ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 23 ත් 32 ත් අතර වයස් වල පසුවන ත්‍රිකුණාමලය, එරක්කන්ඩී ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, තහනම් ධීවර දැලක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 396 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 48 ත් අතර වයස් වල පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News