ලංකාවේ පරිගණක දැනුම සහිත ශ්‍රමිකයින් අනුදහසකගේ හිඟයක්

Share

පරිගණක පිළිබඳ මූලික දැනුම සහිත පුද්ගලයින් අනුදහසකගේ පමණ හිඟයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ හේතුවෙන් මෙරට තුළ පරිගණක ආශ්‍රිත නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා බරපතල ගැටලුවක්ව පවතින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

තණමල්විල ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සෑම උසස් පෙළ සිසුවෙකුටම පරිඝනක දැණුම තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය.

එම තත්ත්වය ඇති කිරීම සඳහා දිවයිනේ සෑම ජාතික පාසලකම උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිඝනක යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

එමෙන්ම අගොස්තු මස වන විය එය ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News