මෙරට මෘදුකාංග ඉංජිනේරුවන් ලොව විශිෂ්ඨතම ඉංජිනේරුවන් ලොව පිලිගනී

Share

තොරතුරු තාක්ෂණ අපනයනය හරහා ලැබෙන විදේශ විනිමයන් සියයට සියයක්ම ප්‍රතිලාභ ලෙස මෙරටට ලැබෙන බව කැබිනට් නොවන අමාත්‍ය අජීත් පී.පෙරේරා මහතා පවසයි.

කලුතර පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙරට තොරතුරු තාක්ෂණ මෘදුකාංග ඉංජිනේරුවන් ලොව විශිෂ්ඨතම ඉංජිනේරුවන් බව ලොකයා පිලිගන්නා බවයි.

එමෙන්ම තොරතුරු තාක්ෂණ අපනයනය හරහා ලැබෙන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් බවද අමාත්‍යවරයා පවසයි.

මෙම තත්ත්වය තව තවත් ඉහළ නංවා ගැනීමට හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News