ෂරියා විශ්වවිද්‍යාලය ගැන තොරතුරු දෙන්න රතන හිමි FCIDයට

Share

මඩකලපුව පෞද්ගලික විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් තමන් රැස්කර ගත් තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද(01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වැඩම කළේය.

මෙම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබා ගත් තොරතුරු මෙලෙස අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇති අතර, හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පවුලේ අයගේ ආයතනයක් බව ද රතන හිමියන් පවසා සිටියේය.

ඒ අනුව මෙම ආයතනය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ලේඛකයින් සහ වෙනත් ආයතනවලින් ලබා ගන්නා ලද සියලු තොරතුරු අද මුල්‍ය අපරාධ කොට්ඨාසයට බාර දුන් බව ද රතන හිමියන් කියා සිටියේය.

Read more

Local News