ජනාධිපති හා අගමැති දැන් නයයි මුගටියයි වගේ

Share

වසර හතරහමාරක් රට පාලනය කළ වත්මන් ආණ්ඩුව අද (01) වන විට රට අස්ථාවර තත්ත්වයකට ඇද ගෙන ගොස් ගිනස් වාර්තා පොතට එකතු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (01) කොළඹ පැවති මාධ්‍යහමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසීය.

අද වෙනකොට විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව විෂය භාර අමාත්‍යවරු සටනකට සූදානම් වි සිටින බවද එයින් පොදු ජනතාව ගැටළුවලට  මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දෙසැම්බර් 8 වනදා වන විට ජනාධිපතිවරණය අවසන් කර නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

නව පාලනයක් නව රජයක් නව ජනාධිපතිවරයෙක් මේ රටේ බිහිවීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතභේදය පැවතීම සියළු ගැටළුවලට මුල් වී ඇති බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වර්තමානයේ සිටින්නේ නයයි මුගටියයි ලෙස බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ වර්ථමානයේ ජනතාව සිය නිවසේදීම එල්ලි සියදිවි නසා ගැනීමට කටයුතු කරන බවයි.

සෝපා ගිවිසුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

එහිදි  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ කුමාර දිසානායක මහතා අදහස් දැක්වීය.

Read more

Local News