ගාල්ලේ ප්‍රදේශ කීපයකට අද වතුර නෑ

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මී වැඩුම, ගෝනාපීනුවල, තෙල්වත්ත, කළුපේ සහ හික්කඩුව නගරය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවයි.

Read more

Local News