පොලිස්පති පූජිත් රෝහල් ගත කරයි

Share

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරහෙන්පිට පිහිටි පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සදහන් කළේය.

Read more

Local News