දුම්රියක ගැටී පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට

Share

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී දුම්රියක ගැටී ඊයේ(01) රාත්‍රියේ පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරමැද ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි කිලිනොච්චිය පොලිසිය පැවසූවේ.

අනතුරට පත් දරුවා අනතුර සිදුවු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News