බස් රථ දෙකක් එකිනෙකට ගැටී අනතුරක් – ඡායාරූප

Share

පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් බස රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අද(02) පෙරවරු 11.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේදි ය.

ලක්ෂපානේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙසේ අනතුරට පත් වි ඇත්තේ.

ලක්ෂපානේ සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කිය සිටියේ .

ලක්ෂපානේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුර හේතුව වි ඇති බවත්, එම රියදුරාට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අනතුරෙන් බස් රථ දෙකට දැඩි අලාභ හානි සිදු වි ඇති බවටයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News