බස්-යතුරුපැදි අනතුරකින් ජිවිතයක් මහමඟ නවතී

Share

මන්නාරම – තලෙයිමන්නාරම මාර්ගයේ තාරපුරම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු මන්නාරම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News