සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරිට ඇප

Share

ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 3 ක සිර දඩුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට ඇප ලබාදී ඇත.

රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇප මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනා ගොනු කරන බව පෙන්වාදෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

‍2007 වසරේදී මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට හෙක්ටර් ධර්මසිරි මහතාට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.

Read more

Local News