බලපත්‍ර නැතිව ධාවනය කරන බස්රථ සඳහා දඩය ඉහළට

Share

බලපත්‍ර නොමැතිව ධාවනය කරන අන්තර් පළාත් මගී ප්‍රවාහන බස්රථ සඳහා මේ වන විට පනවා ඇති දඩය රුපියල් දෙලක්ෂ පනස් දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි තීරණය කර තිබේ.

ඔහු පැවසුවේ දැනට අන්තර් පළාත් මාර්ග බලපත්‍ර නොමැතිව බස්රථ 200ක් පමණ ධාවනය වන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යන ආකාරය පෙනෙන්නට ඇති බවද ඒ අනුව මෙලෙස දඩ මුදල වැඩි කිරීමට තීරණය කළ බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඉදිරියේදී අදාල තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

Read more

Local News