පොලිස්පති පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට

Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර ඔහුට නියෝග කර තිබිණි.

නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි.

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව පවසමින් නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ, පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස ය.

Read more

Local News