මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වා වන තරමක් තද සුළං ද ඇති විය හැක.

Read more

Local News