වැල්ලවායේ අනතුරකින් අයෙක් මරුට

Share

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඊයේ(02) රාත්‍රි යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය කොටවෙහෙරගල ලිපනයේ පදිංචි වයස අවුරුදු 59ක සිව්දරු පියෙකු බව වැල්ලවාය පොලීසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

Read more

Local News