තලවාකැලේ දුම්රිය පිළිපැනීමක් නිසා රාත්‍රී තැපැල් දුම්රිය පැය 3ක් ප්‍රමාදයි

Share

තලවාකැලේ දුම්රිය ස්ථානය තුලදි මාර්ග සංවර්ධනය සඳහා උපයෝගී කරගන්නා දුම්රියක් පිළි පැනිමක් නිසා බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය පැය තුනකින් පමණ ප්‍රමාද වු බව තලවාකැලේ දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.

තලවාකැලේ සිට නානුඔය දක්වා වු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු වෙනුවෙන් කලුගල් (මැටල්) අතිරිමේ කටයුතු වල නිරතවු දුම්රියක් කාර්මික දොෂයක් හේතුවෙන් තලවාකැලේ දුම්රිය ස්ථානය තුල ප්‍රධාන මං තිරුවේ පිලි පැනීමකට ලක්වී තිබේ.

ඊයේ(02) රාත්‍රි 10.00 ට පමණ මෙම අනතුර සිදුවිමත් සමඟ තලවාකැලේ දුම්රිය ස්ථානය හරහා දුම්රිය ධාවනයට අවහිර විය.

එම හේතුව නිසා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු රාත්‍රි 11.40 තලවාකැලේ දුම්රිය ස්ථානයට ලගාවී ඒ හරහා කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයේදි නතර කර තැබීමට සිදුවිය.

එම දුම්රිය පිළිගත කිරිම සඳහා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නානුඔය කාරිමික අශයේ නිලධාරින් හා සේවකයින්ගේ සහබාගීත්වයෙන් සිදු කල අතර අළුයම 1.26 ට පමණ කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය නැවත ගමන් අරබා ඇත.

Read more

Local News