නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් පුරවැසියන්ට විතරයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම ඉහළ දේශපාලන අධිකාරිය විසින් පහළ නියෝජිතයින් වෙත සම්පූර්ණයෙන්ම පැටවීමට උත්සාහ කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායක මහතා චෝදනා කරයි.

මහනුවරදී මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඊයේ (02) මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

රටේ මේ තාක් නීතිය ක්‍රියාත්මක වුයේ දුප්පත් පුරවැසියන්ට පමණක් බවත් ධනය බලය ඇති අයට නීතිය ක්‍රියාත්මක නොවු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවත් අග්‍රාමාත්‍යවරයාත් රජයත් බාර ගත යුතුව තිබියදී ඔවුන් එහි වරද පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මුළුමනින්ම බැර කිරීමට උත්සාහ කරන බව ද ඔහු කියා සිටියි.

පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාටත් රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරෙන නමුත් එය ඉක්මවා යන වගකීමක් රජයට පැවරෙන බව අනුර කුමාර මහතා පැවසීය.

දේශපාලන නායකත්වය පහළ ඉන්න අය මත බර පටවා නිදහස් වීමට උත්සාහ කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

Read more

Local News