ලංකාවට හා ඉන්දීය ‌කොදෙව්වන්ට දඬ

Share

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම දඬ පනවා තිබේ.

ඒ අනුව කණ්ඩායම් නියමිත කාලයට වඩා වැඩි කාලයක් ලබාගෙන පන්දුවාර දෙක බැගින් යොමුකර තිබේ.

මේ අනුව නායකයන් දෙපළට තරග ගාස්තුවෙන් 40%ක දඬයක් හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 20%ක දඬයක් පනවා තිබේ.

ඒ අනුව දිමුත් හා හෝල්ඩර් යන නායකයන් දෙදෙනා ඊළඟ මාස 12 තුළ මන්දගාමීව පන්දුවාර යොමුකිරීමේ වරදට හසුවුවහොත් තරග තහනමක් පැනවෙනු ඇත.

Read more

Local News