හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට යයි

Share

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇත.

ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

හිස්බුල්ලා මහතා විසින් දුරකතනය ඔස්සේ තමන්ට මරණ තර්ජන සිදු කළ බවට කන්දසාමි ඉම්බරාසා නමැත්තෙකු විසින් 2018 වසරේ සැප්තැම්බර් මස 5 වනදා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අද පෙරවරු 11.30 ට පමණ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එම කොට්ඨාශය වෙත පැමිණ ඇත.

Read more

Local News