මානසික සෞඛ්‍ය වෙනුවෙන් රු.මි.716ක් වෙන් කරන්න අනුමැතිය

Share

මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 716.8 ක පිරිවැයක් රජය විසින් වෙන් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, රුපියල් මිලියන 503 ක පිරිවැයක් යටතේ මහනුවර ශික්ෂණ රෝහලේ නව මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණය සඳහා සහ රුපියල් මිලියන 213.8 ක පිරිවැයක් යටතේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා මානසික ප්‍රතිකාර ඒකකය යටතේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා මානසික ප්‍රතිකාර ඒකකය ඉදිරි කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට ජනගහන ව්‍යුහය හා රෝග හේතුවෙන් ඇතිවන බලපෑම වෙනස් වෙමින් පවතින අතර එම තත්ත්වයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සේවා සැපයීමේ පද්ධතිය ප්‍රතිව්‍යුව ගත කළ යුතු බව ද රජය අවධාරණය කරයි.

වර්තමානය වන විට මෙරට ජනගහනයෙන් සියයට 10 ක් පමණ කිසියම් වු මානසික රෝගයකින් පෙලෙන බවත් ඔවුන්  අතරින් සියයට 40 ක් ප්‍රතිකාර ගන්නා බවත් හඳුනා ගෙන තිබේ.

මානසික රෝග පිළිපඳ ගැටළු අනාගතයේ දී වැඩිවන බවට උපකල්පනය කරනු ලැබ ඇති අතර, මෙම කරුණු සැලකිල්ලට ගෙන නිරෝගී ජනතාවක් බිහි කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News