පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතියට කාර්යය බලකායක්

Share

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්යය බලකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විසඳා ගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් විසඳා ගැනීම වෙනුවෙන් මෙම කාර්ය බලකාය පිහිටුවා තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම් කටයුතු බාර ගැනීම සඳහා සුදුසු ආායෝජකයන් වෙනුවෙන් කැමැත්ත අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇත.

ඒ අනුව ව්‍යාපෘතිය් තාක්ෂණික හා මූල්‍ය ශක්‍යතා අධ්‍යනය හා ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය අවසන් කිරීමට හා එකී ගැටලු සඳහා මැදිහත්වී තීරණ ගැනීමට කාර්ය බලකාය ලෙස කටයුතු කිරීමට කාර්ය බලකාය ලෙස ප්‍රධාන කමිටුවක් පත්කර ඇත.

එම කමිටුව පත්කිරීම සඳහා බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News