පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ගැන සෑහීමකට පත්වෙන්න බෑ

Share

පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් තමාට සෑහීමකට පත්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

පුත්තලම,මහවැව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිගින් දිගටම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් නිදහස් කිරීම හා නිදොස් කිරීම සිදුවෙමින් පවතින අතර මේ නිසා අනාගතයේදී එවන් අනතුරක් සිදුවීමට වැඩි ඉඩ කඩක් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඉදිරි මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්නේ කවුරුන්ද යන්න පිළිබඳවත් ජනතාව ඉතා හොඳ තීරණයකට පැමිණිය යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Read more

Local News