ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කරන ක්‍රමවේදය පුළුල් කරනවා

Share

ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ක්‍රමවේදය පුළුල් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මෙම වසරේ සිට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම සඳහා ඉල්ලුම් කරන අවස්ථාවේදී පවතින පුරප්පාඩු සංඛ්‍යාව හඳුනා ගැනීමේ අවස්ථාව මව්පියන්ට සලසා දී ඇති බව සඳහන්ය.

1,5 හා 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන ලේකම්වරයාගේ 2008/37 චක්‍රලේඛය අනුව සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

ඒ අනුව පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව පවත්නා පුරප්පාඩු මත අදාළ ඇතුළත් කර ගැනීම් සිදුකිරීමට නියමිතයි.

පුරප්පාඩු සහිත පාසල් නාම ලේඛනය සහ අයදුම්පත් එවිය යුතු ආකාරය සම්බන්ධ සියලු තොරතුරු www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News