චීන කොන්ත්‍රාත්තුවකට කැබිනට් අනුමැතිය

Share

ජාතික ගැටලුවක්ව පවතින නාගරික ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත අරුවක්කාලු හි නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂණ භූමි පිරවුම් කසල බැහැර කිරීමේ විසඳුම ක්‍රියාවට නැංවීම සඳහා කැලණිය සිට අරුවක්කාලු තෙක් ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව චීනයේ Dongfang Electric International Corporation වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව චීනයේ Dongfang Electric International Corporation වෙත පිරිනමා තිබේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යව චම්පික රණවක මහතා විසින් ඊයේ (02) මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදි අමාත්‍ය මණ්ඩලය විසින් මෙම යෝජනාව අනුමත කරන ලදී.

Read more

Local News