ජූලි මාසයට පොහොර ගන්න රු. බිලියන 2.84ක්

Share

සීමා සහිත ලංකා පොහොර සමාගමේ හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගේ ජූලි මාසය සඳහා වන පොහොර මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 2.84ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 30,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 318.25 බැගින් ඇග්‍රිකොමෝඩිටීස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙන් (රුපියල් මිලියන 1770), මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 3000ක් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 342.2 බැගින් සීමා සහිත අග්‍රිකල්චරල් රිසේදද් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමෙන් (රුපියල් මිලියන 182) හා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන්  15500ත් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 324 බැගින් සීමාසහිත ගෝලඩන් බාලි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමෙන් (රුපියල් මිලියන 894) යනාදි ලෙස මිලදි ගැනීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය  පී. හැරිසන් මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News