බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක්

Share

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබන 05 වැනිදා සිට මාසයක කාලයක් රට තුළ විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සියලු බීමත් රියැදුරන් අධිකරණයට ඉදිරිපත් කරන බවත්, පවතින නීතිය අනුව බීමත් රියැදුරෙකු රුපියල් 25,000 දක්වා වූ දඩයකට යටත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, මේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියැදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියැදුරෙකු වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.

Read more

Local News