දුම්රිය වර්ජනයක්

Share

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පෙර දැනුම්දීමකින් තොරව හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

බීමත් සේවකයෙකුට විනය පියවර නොගත් බවට චෝදනා කරමින් වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් පවසන්නේ වැඩ තහනමට ලක් කර ඇති අදාල සේවකයා  යලි රාජකාරි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කර ඇති බවයි.

කෙසේවුවද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවකයින් දුෂ්කරතාවට පත්වෙයි.

Read more

Local News