සහරාන්ගේ සහෝදරිය ඇතුළු 03ක් මහේස්ත්‍රාත් අධිකරණයට

Share

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සහෝදරිය ඇතුළු තිදෙනෙක් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මඩකලපුව බන්ධනාගාරයේ සිටි මෙම පිරිස දැඩි රැකවල් මැද ඊයේ(03) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය රැගෙනවිත් තිබේ.

පසුව අධිකරණ සංකීරණයේ ඇති රහස් කාමරයක් තුළදී මෙම පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මෙලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සහෝදරිය වන මදනියා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන මොහොමඩ් නියාස් සහ සයින්දමර්දු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂය පත්වූ එම්.එම් නියාස්ගේ බිරිඳ වන අස්මියාගෙන්ය.

මෙම පුද්ගලයන්ගෙන් මහෙස්ත්‍රාත් රිල්වාන් මහතා විසින් තනි තනිවම ප්‍රශ්න කර තිබේ.

මේ අතර මෙම පිරිස යළි අගෝස්තු 21 වන දින කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ අතර සයින්දමර්දු, බොලිවේරියානු සුනාමි ගෙවල්වලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ජිවිතක්ෂයට පත්වූ පිරිසගේ මරණ පරීක්ෂණය කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කර තිබේ.

Read more

Local News