ඔස්ට්‍රිරියා රජයෙන් පොලී රහිත ණය

Share

කටුනායක ඉංජිනේරු තාක්ෂණික ආයතනය වැඩි දියුණු කිරීමට සහ රජයේ රෝහල් සඳහා ගිලන් රථ 100 ක් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 3546 ක (යුරෝ මිලියන 19.35) පොලී රහිත සහන ණය ලබා දීමට ඔස්ට්‍රිරියානු රජය පියවර ගෙන ඇත.

මෙම ණය පහසුකම ඔස්ට්‍රියාවේ රයිෆෙයිසන් බැංකුව හරහා රජයේ රෝහල් වලට ගිලන් රථ 100 ක් ලබා ගැනීම සඳහා යුරෝ මිලියන 9.85 ක් ද, තවත් යුරෝ මිලියන 9.5 ක් කටුනායක ඉංජිනේරු තාක්ෂණික ආයතනය වැඩිදියුණු කිරීම සඳහා ද ලබා දෙනු ලබයි. තෝරාගත් රෝහල් සඳහා ජීවිතාරක්ෂක උපකරණ සහිත ගිලන් රථ 100 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මෙමගින් හදිසි සෞඛ්‍යාරක්ෂාව ලබා දීම, මරණ වලින් ආරක්ෂා වීම, ආබාධ අවම කිරීම සහ රෝගීන්ගේ කාර්යක්ෂමතාව හා ආරක්ෂිතව රෝහල් වෙත මාරු කිරීම අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් සහිතව රෝගීන් ළඟම රෝහල් වෙත ලබා දීමට හැකි වනු ඇත. ගුණාත්මක සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සියලු ජනතාව මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලබනු ඇත.

කටුනායක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩි දියුණු කිරීම හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හරහා දැනට පවත්නා වැඩමුළුව ශ්‍රේණිගත කිරීම සහ 2020 වන විට සිසුන් 500 දක්වා ඉහළ නැංවීම සඳහා නවීනතම උපකරණ ලබා දෙයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය වාණිජ උපදේශක සීග්ෆ්‍රයිඩ් වෙයිඩ්ලිච් මහතා ද ගිලන් රථ ව්‍යාපෘති සඳහා වන ණය එකඟතාවට අත්සන් තැබූ අතර කටුනායක ඉංජිනේරු තාක්ෂණික ආයතනය වැඩිදියුණු කිරීමේ ණය එකඟතාව දෙසැම්බර් 02 වැනිදා අත්සන් කිරීමට

Read more

Local News