වැල්ලවායේ සිදු වූ අනතුරකින් අයෙක් මරුට

Share

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ හඳපානාගල උල්කන්ද මාර්ගයේ හඳපානාගල පාලම අසලදී සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇත.

ඊයේ (3) පස්වරුවේ යතුරු පැදියක් මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරුන් යතුරු පැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇත.

පසුපැදිකරු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බව සඳහන්ය.

අනතුරින් මියගොස් ඇත්තේ උල්කන්ද, හදපානාගල, වැල්ලවාය ලිපනයේ පදිංචි වයස අවුරුදු 64ක් වන බී.බී ගාමිණී නැමැති සිව්දරු පියෙකු වන අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයන් මාළු වෙලදාමේ නිරත වෙමින් සිට ඇති අතර අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වැල්ලවාය පොලිසියේ රථ වාහන අංශය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News