සහරාන්ගේ දේශන සඳහා සහභාගී වූවා යැයි චෝදනා ලැබුවෙකුට ඇප

Share

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් කළ දේශන සඳහා සහභාගී වූ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙක් ඇප මත මුදා හරින ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කල්මුණේ මහේස්ත්‍රාත් එයි.එන් රිස්වාන් මහතා විසින්  ඊයේ(04) මෙම නියෝගය දුන් වාර්තා වෙයි.

අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර මෙම පුද්ගලයා සෑම ඉරිදා දිනකම කල්මුණේ පොලීසිය අත්සන් කළ යුතු අතර ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය මැයි 29 දින මෙම ත්‍රස්තවාදී පනත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම අදාළ නඩු විභාගය අගෝස්තු 28 දා දක්වා කල්මුණේ මහේස්ත්‍රාත්වරයා විසින් කල් තබා තිබේ.

Read more

Local News