කිලිනොච්චියේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මරුට

Share

කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද අලුයම අනතුර සිදුව ඇති බවයි.

ඉන් මියගියේ ලොරියේ සහ ටිපර් රථයේ රියැදුරන් ය.

ඔවුන් වව්නියාව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය.

Read more

Local News