වාර්ගික පදනමින් පාසල් ඇති කිරීම වහා නතර කළ යුතුයි

Share

වාර්ගික හෝ ආගමික පදනමින් පාසල් ඇති කිරීම වහා නතර කළ යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සමස්ථ ජාතීන් අතුරෙන් සියයට 99ක් ම අන්තවාදයට විරුද්ධ බවත් අධ්‍යාපනයෙන් පමණක් ජීවිතය සාර්ථක නොවන බව ඒ සඳහා විෂය භාහිර ක්‍රියාකාරකම්හි නිරත විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම සියලු ජාතීන් වලට අයත් සිසුන් එකට සිටින පාසල් ආරම්භ කර එමඟින් ජාතීන් අතර සහයෝගය වර්ධනය කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

Read more

Local News