සහරාන් භාවිතා කළ වෑන් රථයක් දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

Share

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් කුළි පදනම භාවිතා කළ වෑන් රථයක් දැඩි ඇප කොන්දේසී මත මුදා හැරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කල්මුණේ මහේස්ත්‍රාත් එයි.එන් රිස්වාන් මහතා විසින් ඊයේ(04) මෙම නියෝගය දුන් බව වාර්තා වෙයි.

අදාළ වෑන් රථය රුපියල් ලක්ෂයක 50ක මුදල් ඇපයක් මත නිදහස් කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම වෑන් රථය කිසිදු පුද්ගලයෙකුට වීකිනීමට හෝ එම රථයේ කිසිඳු වෙනසක් කිරීමක් සිදු කිරීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

එමෙන්ම මෙම නඩුව අගෝස්තු මස 21 දා දක්වා කල් තැබීමට කල්මුණේ මහේස්ත්‍රාත් එයි.එන් රිස්වාන් මහතා නියෝග කළේය.

සුදු ඇඳුම් කට්ටල තොගයක් සමඟ මෙම වෑන් රථය පසුගිදා අත්අඩංගුවට ගත්තේ මිරීගම ප්‍රදේශයේදීය.

මෙම වෑන් රථයේ හිමිකරු දැනට විදේශ ගතව සිටින අතර අදාළ හිමිකරුගේ බිරිඳ විසින් ඊයේ අධිකරණ වෙත පැමිණ මෙම වෑන් රථය රැගෙන ගොස් තිබේ.

Read more

Local News