පොහොට්ටු හා අත සන්ධානයේ නම එළිදක්වන්න සාකච්ඡා

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන සඳහන් කරයි.

ලාංඡනය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ දිනවල දිනපතා සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඉදිරි සතියක කාලය තුළ බොහෝ තීන්දු තීරණ ගත හැකි බවත් එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දෙපාර්ශවයම එකතු වී එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂ දෙකේම බලාපොරොත්තුව බවත්, එම බලාපොරොත්තුව මුල්කර ගනිමින් සාකච්ඡා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

Read more

Local News