දර්ශනවාදයන් කුමක් වුවත් රට ප්‍රයෝගිකකරණයෙන් ඉදිරියට යා යුතුයි

Share

දර්ශනවාදයන් කුමක් වුවත් රට ප්‍රයෝගිකකරණයෙන් ඉදිරියට යා යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

තමන් තරුණ කාලයේදී තරුණ පරිම්පරාව උත්සාහ කළේ සමාජවාදය සමාජගත කර සැමට සමාන සමාජයක් ගොඩ නැගීමට බවත් ඒ සඳහා දහස් ගණන් විශ්වවිද්‍යාල සිසුන් ජීවිත පූජා කළ බවත් ඒ මහතා කියා සිටියේය.

ඊයේ(04) පස්වරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට ඉදිරියට ගෙන යාමට දර්ශනවාදය වැදගත් නොවන බවත් වැදගත් වන්නේ කුමන මතවාදයක් ඔස්සේ වුවද ප්‍රායෝගිකව ඉදිරියට යාම බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News