හෙරොයින් සමඟ අයෙක් වරාගොඩ දී අත්අඩංගුවට

Share

කැළණිය පොලිස් වසමේ වරාගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඊයේ(04) සවස එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 215ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

37 හැවිරිදි සැකකරු දළුගම – කැළණිය ප්‍රදේශයේ පදිංචි මයිකල් මොහොමඩ් සුමන් හෙවත් රිස්වාන් නැමැත්තෙක්.

සැකකරු අද(05) අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News