මුලතිව් හී පිපිරීමක් ?

Share

මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේදී කිසියම් පිපිරීමක් සිදුව ඇති බව මුලතිව් මුල්ලියාවෙලි පොලිසිය පවසයි.

ඊයේ(04) රාත්‍රියේ මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසූවේ විශාල ශබ්දයක් සමඟ යම් පිපිරීමක් සිදුව ඇති අතර, පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ බරැති බෝම්බයක් පිපිරීමේ ශබිදයක් වැනි ශබ්දයක් සමඟ පිපිරීම සිදුව ඇති බවයි.

මුලතිව් ජනතාව පැවසූවේ කේප්පාපිලව්,නන්දිකඩාල්,මුල්ලිවයික්කාල් ප්‍ර‍දේශවල සෙලවීමක් ඇතිවන තරමේ පිපිරීමක් ඇතිව ඇති බවයි.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද(05) පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව මුල්ලියාවේලි පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News