මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දැනුම් දෙන්න 1984 ට

Share

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1984 කෙටි දුරකථන අංකයට ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරනු ලැබුවේය.

එම මෙහෙයුම් මැදිරියේ නිළධාරීන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුබද්ධිත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ස්ථාපිත කර ඇති  මත්ද්‍රව්‍ය තොරතුර මෙහෙයුම් මැදිරියේ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබේ.

එම නිසා මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1984 කෙටි දුරකථන අංකයට ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News