ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ 16ක් අත්අඩංගුවට

Share

ඊයේ(04) දින ත්‍රිකුණාමලය, නයාරු මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 64 ත් අතර පසුවන කුච්චවේලි, ත්‍රිකුණාමලය සහ එරක්කණ්ඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 07 ක්, පිටත දහන යන්ත්‍ර 07 ක් සහ ධීවර දැල් 13 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News