මෝදිගේ පළමු අයවැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය යෝජනාවලිය අද (05) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

එරට වේලාවෙන් පෙරවරු 11 ට අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දිරා ගාන්ධිගෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය ධුරයට පත්වූ දෙවන කාන්තාව වන නිර්මලා සීතාරාමන්ගේ පළමු අයවැය කතාව මෙය වෙයි.

සිය අයවැය කතාව ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍යවරිය ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News