ගව මඩුවක ගින්නකින් එළගවයින් 2ක් මරුට

Share

වව්නියාව, පට්ටකාඩු ප්‍රදේශයේදී අද(05) අලුයම ගව මඩුවක හටගත් ගින්නකට හසුවීමෙන් එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

අද අලුයම 1.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී ගින්න නිවීමට උත්සහ කළද පැවති වියළි කාළගුණ තත්ත්වය හමුවේ ගින්න පැතිර ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසූවේ.

තවත් වසු පැටවුන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සුම් තුවා ලබා ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

Read more

Local News