අක්මීමන පියාගේ මරණය උදර කුහරයට වෙඩි වැදී සිදුවු බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

Share

මානවිල උපනන්ද විදුහලේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි යුද හමුදා සෙබළෙකු විසින් කළ වෙඩි තැබීමේදී මියගිය තිදරු පියාගේ උදරය පසාරු කරගෙන වෙඩි උණ්ඩය පිටුපස ප්‍රදේශයෙන් පිටවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා පාසලට අනවසරයෙන් ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙකු විසින් වෙඩි තබා ඇත.

තිදරු පියාගේ උදර කුහරයට වෙඩි වැදීමෙන් රුධිර වාහිනී වලට වූ බරපතල තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් මොහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි මහත්මිය සඳහන් කළාය.

පපුවට පහළින් උදර කුහරයට වෙඩි වැදී ඇති බවත් වෙඩි වැදීමෙන් උදරයේ රුධිර වාහිනී කඩාගෙන ‍ගොස් තිබූ බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සඳහන් කළය.

මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (4) පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි‍.

Read more

Local News