නඩු ප්‍රමාදවීම වැලැක්වීමට නව පනත් දෙකක්

Share

අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැලැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවසීය.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද(05) මාතලේ නව මහාධිකරණය විවෘත කිරිමේ අවස්තාවට එක්වෙමින්ය.

අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නිතිඥ ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහාධිකරණය විවෘත කිරිම සිදුවිය.

අධිකරණයේ ස්වාධිනත්වය වැදගත් වෙන්නේ බලය නැතිකොට නෙවෙයි බලයේ ඉන්කොට බව ද පැවසු අමාත්‍යවරිය, ඒ සඳහා විශාල වැඩ කොටසක් සිදු කිරීමට සිදුවන බව ද පැවසීය.

අධිකරණයට තිබු නොයෙකුත් බලපැම් ඉවත් කිරීමට හැකිවු බවත්, විනිශ්චයකාරවරුන්ට, නීතිපති දේපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශය යටතේ තිබෙන සෑම ආයතනයක් සඳහාම ස්වාධින තීන්දු තිරණ ගැනිමට අවශ්‍ය අවස්ථාව ලබා දුන් බවද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.

පනත්වල ඇති ගැටළුකාරී තත්ත්වයන් සමහර අය නොදන්නා බව ද පැවසු අමාත්‍යවරිය,‍ මහාධිකරණයෙන් ඇප ගැනිමට තිබෙන අවස්ථා ගැන ඉදිරි දින කිහිපය තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ඒ තුළින් ජනතාවට තම නඩු කටයුතු පහසුවෙන් කර ගැනිමේ අවස්ථාව උදා වෙන බවත්, ජනතාව විශාල කාලයක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ කාලය ගත කරන අතර, එයට විශාල මුදලක් අහිමි වන බව ද අමාත්‍යවරිය පැවසීය.

Read more

Local News