ටියුනීසියා මුහුදේ යාත්‍රාවක් අනතුරට පත් වීමෙන් 82 දෙනෙකු අතුරුදන්

Share

ටියුනීසියා මුහුදේදී නීතී විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 82 දෙනෙකු අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම පිරිස ලිබියාවේ සිට යුරෝපය බලා ගමන් කරමින් සිට ඇති බව ය.

ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු පමණක් දිවි ගලවා ගෙන තිබිණි.

අනෙක් සියලු පුද්ගලයින් මිය යන්නට ඇතැයි සැක පළ කරයි.

මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන්නේ, ලිබියානු සංක්‍රමණික මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් දිනකට පසුව ය.

වසරේ ගත වූ කාලසීමාව තුළ මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක් වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 555කි.

Read more

Local News