වන අලි පහරින් අයෙක් ජිවිතක්ෂයට

Share

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි ඔලුගස්කඩ වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයෙකු අද(05) අළුයම වන අලි පහරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අප්පුහාමිගේ සෙනරත් නැමති 53 හැවිරිදි තිදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් ගොස් ඇති අතර යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා දිවි ගලවා ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන විසින් සිදු කරයි.

Read more

Local News