යුදහමුදාව හොඳ අය වගේ රඟපානවා

Share

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (04) දින කිලිනොච්චිය පුනරින් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 84ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

‘අද මම මේ පාසලට එන විට මාර්ගයේ ඉදිරියෙන්ම සිටියේ යුද හමුදාව. මේ වෙනකොට දකුණේ බෝම්බ පුපුරපු තැන්වල නෙමෙයි යුද හමුදාව ආරක්ෂාවට දාල තියෙන්නේ. මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලට යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්ෂා කරනවා කියල හොඳ නම ගන්න තමයි දාලා තියෙන්නේ.

මේ නිසා මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාල ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහල බලන්න අපේ තාත්තලා කීදෙනෙක් මැරුවද, සහෝදරයින් කීදෙනෙක් මැරුවද, දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගේ රඟපාමින් ඉන්නවා. ඒ වගේම දෙමළ වචනයක්වත් දන්නේ නැති මේ අය කොහොමද දෙමළ ජනතාවට සලකන්නේ උදවු දෙන්නේ.

Read more

Local News