අඹතලේ-තොටලඟ මාවතේ මාර්ග අවහිරතාවයක්

Share

වැල්ලම්පිටිය පොලිස් වසමේ අඹතලේ – තොටලඟ මාවතේ කළු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස සිට සැප්තැම්බර් මස 30 වනදා දක්වා වාහන ගමනාගමනයට අවහිරතාවක් ඇති විය හැකි බව පොලීසිය ප්‍රකාශ කළේය.

එහිදී විකල්ප මාර්ග ලෙස,

අඹතලේ – තොටළඟ මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත හන්දියෙන් හරවා පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියට පැමිණිය හැක.

තවත් විකල්ප මාර්ගයක් වන්නේ අඹතලේ – තොටළඟ මාර්ගයේ පැමිණ කටුපැලැල්ල මාර්ගයෙන් පරණ අවිස්වේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණීමයි.

Read more

Local News