ශ‍්‍රී ලංකා-ඉන්දීය තරඟය අද

Share

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය ලීඞ්ස්හිදී අද(06) පැවැත්වෙයි. ඒ, ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟයි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පැමිණීමට නොහැකි විය.

නමුත් ඉන්දීය කණ්ඩායම මේ වන විටත් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

කෙසේවෙතත් මෙම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානමින් සිටින අතර අද තරඟය පැවැත්වෙන ලීඞ්ස් තණ තීරුව පිතිකරුවන්ට ඉතා වාසිදායක වන බව වාර්තා වෙයි.

ඒ අනුව පිතිකරුවන් 06දෙනෙකු සමඟ ශ‍්‍රී ලංකා පිල මෙම තරඟයට සහභාගී වනු ඇති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.

Read more

Local News