ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි නමින් ගම්මානයක්

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙරට ඉදිවෙන නිවාස ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දෙන ලෙසට ඉල්ලීමක් සිදු කළ බව නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට නිවාස ඉදිකිරීම සඳහා ඉන්දියාවෙන් ලක්ෂ 12 000ක් මෙරටට ලබා දුන් බවත් ඒ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද අත්තනගල්ල , රන්පොකුණගම ප්‍රදේශයේ උදා ගම්මානයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වුණි.

එම අවස්ථාවේදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එසේම නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහු නමින් තිස්සමහාරාමයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි නමින් ගම්මානයක් ඉදි කරන බවටත් පොරොන්දු වු බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read more

Local News